spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

Southern InnovaBiz

ද.ප.කාර්මික සංවර්ධන අධිකාරිය,ද.ප.කර්මාන්ත අමාත්‍යාංශය,රුහුණු විශ්ව විද්‍යාලය,ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම,ද.ප.අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ද.ප කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව දකුණු පළාත් නව නිපැයුම්කරුවන්ගේ නව නිපැයුම් පර්යේෂණ හා සංවර්ධනයට අවශ්‍ය වන ව්‍යාපෘතියක් Southern Innova Biz යන නමින් සකස් කර ඇත.ඒ අනුව වාණිජකරණය කර හැකි ශක්‍යතාවයකින් යුතු නව නිපැයුම් සඳහා මූලාකෘති සැකසීමට මූල්‍ය (උපරිම ලක්ෂ 5 ක මුල්‍ය දායකත්වය දැක්වීම-කොන්දේසි සහිතයි) හා තාක්‍ෂණික සහයෝගය ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරයි.

සුවිශේෂී අරමුණු
ශක්‍යතාවයකින් යුතු නව නිපැයුම් සඳහා මූලාකෘති සැකසීමට මූල්‍ය (උපරිම ලක්ෂ 5 ක මුල්‍ය දායකත්වය දැක්වීම-කොන්දේසි සහිතයි) හා තාක්‍ෂණික සහයෝගය ලබා දීම තුළින් නව නිපැයුම්කරුවන් සවිබල ගැන්වීම.
දකුණු පළාතේ නව නිපැයුම් හඳුනාගෙන බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කර වාණිජ කරණය කිරීම සඳහා යොමු කිරීම.
දකුණු පළාත් නවෝත්පාදන ඉහළ නැංවීම තුළින් ජාතික නිෂ්පාදනය හා ආදායම ඉහළ නැංවීමට දායක වීම.
පාර්ශ්වකාර ආයතන අතර ඒ්කාබද්ධ ප්‍රවේශය තුළින් ව්‍යාපෘතිය ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම

අයදුම් කරනු ලබන ක්‍රමවේදය තුළ පහත පියවරයන් අඩංගු වේ.

පියවර 1

අයදුම් කිරීම

පියවර 2

අත්‍යවශ්‍ය තොරතුරු තහවුරු කර ගැනීම (පේටන්ට් විස්තර සනාථ කිරීම ආදී)

පියවර 3

තෝරාගැනීම සඳහා වන ක්‍රමවේදය

පියවර 4

නව නිපැයුම්කරු සමඟ ගිවිසුම්ගත වීම දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය විසින් එම අධිකාරියේ ක්‍රමවේදයන්ට යටත්ව සිදු කරනු ලබයි.

පියවර 5

ප්‍රතිපාදන ගිවිසුමේ ප්‍රකාරව නිදහස් කිරීම

පියවර 6

ගිවිසුම්ගත ආයතන 06 මඟින් එක්ව හෝ වෙන් වෙන් වශයෙන් සිදුකරනු ලබන ඇගයීම් තීරණය අවසාන තීරණය වන බව

අයදුම් කරනු ලබන ක්‍රමවේදය තුළ පහත පියවරයන් අඩංගු වේ.

  • සියලුම තොරතුරු පැහැදිලිව සහ නිරවද්‍යව සැපයීම ප්‍රතිලාභ ඉල්ලුම්කරුගේ වගකීමකි.
  • නව නිපැයුම්කරුගේ/ හවුල්කරුවන්ගේ නම (ජාතික හැඳුනුම්පතේ සඳහන් අයුරු) සහ ඉදිරිපත් කළ යුතු තොරතුරු නිවැරදිව සඳහන් කළ යුතුය.
  • අයදුම්කරු/ අයදුම්කරුවන්ගේ අත්සන් ඇතුලත් විය යුතුය.
  • නව නිපැයුමට අදාල වන පේටන්ට් බලපත්‍ර අංකය හෝ පේටන්ට් ඉල්ලුම්පත්‍ර අංකය නිවැරදිව සඳහන් කළ යුතු අතර ප්‍රදානය කර ඇති පේටන්ට් බලපත්‍රයක් හිමි නම් පිටපතක් ඇමිණිය යුතුය.
  • යෝජිත ව්‍යාපෘති සැලැස්ම (දී ඇති සැකැස්මට අනුව සකසන්න) හා එහි අනාගත ප්‍රතිලාභයක් මඟින් මෙම ව්‍යාපෘතියේ අරමුණු ඉටුවන ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් (පිටුවක පමණ)

    ඉහත උපදෙස් හා අයදුම් පතෙහි අමුණා ඇති උපදෙස් පත්‍රිකාවද සැලකිල්ලට ගනිමින් පහත සැබැදි මගින් අවශ්‍ය අයදුම්පත් ලාබාගන්න