කර්මාන්ත ව්‍යවසායකයින් ගොඩනැංවීම
කාර්මික ව්‍යවසායක සංවර්ධන මුලපිරීම


සංවර්ධන මුලපිරීම්
- දකුණු පළාත තුළ කාර්මික දැනුම ඇති පුද්ගලයින් හඳුනා ගැනීම සහ ඔවුන්ට ස්වාධීන හෝ හවුල් ව්‍යාපාර පිහිටුවීමට අවශ්‍ය සහයෝගය ලබා දීම.
- ඔවුන්ගේ ප්‍රවීණත්වය තුළින් සාර්ථක ව්‍යවසායකයින් බවට සංවර්ධනය කිරීමට පහසුකම් සැලසීම.
- සෘජු හා වක්‍ර රැකියා අවස්ථා උත්පාදනය කරමින් දේශීය කර්මාන්තවල වර්ධනය ප්‍රවර්ධනය කිරීම.
• දේශීය නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් "ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය තුරන් කිරීම" යන සංකල්පය සාක්ෂාත් කර ගැනීම.
• දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සහ නව කාර්මික ව්‍යවසායකයින් බිහි කිරීම ප්‍රවර්ධනය කිරීම, එමඟින් රට තුළ විදේශ විනිමය රඳවා ගැනීමට සහ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළ නැංවීමට උපකාරී වේ.
• විරැකියාව අඩු කිරීම සහ ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පරිවර්තනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීම.
• ව්‍යවසායකයින්ට ඔවුන්ගේ වත්මන් කර්මාන්ත ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමට හෝ නව ව්‍යාපාර ඵලදායී ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය පුහුණුව, තාක්ෂණික මග පෙන්වීම සහ සහාය ලබා දීම.
නව ව්‍යවසායකයින් හඳුනා ගැනීමට පියවර

දැනුවත් කිරීමේ වැඩසටහන්

සහයෝගිතා
තාක්ෂණ විද්‍යාල / කාර්මික විද්‍යාල / වෘත්තීය පුහුුණු ආයතන වැනි අයතන සමඟ සම්බන්ධ වීම.

අභ්‍යාසලාභීන්ගේ ලයිස්තුව
පාඨමාලා හදාරා ඇති සිසුන්ගේ පුහුණු ලැයිස්තු ක්ෂේත්‍ර වලට වෙන් වෙන් වශයෙන් ගෙන්වා ගැනීම.

වත්මන් පුහුණු ලැයිස්තු
දැනට පාඨමාලා හදාරමින් සිටින සිසුන්ගේද ලැයිස්තු ගෙන්වා ගැනීම.
කර්මාන්ත ව්‍යවසායකයින් සඳහා ව්‍යවසාය සංවර්ධනය සඳහා උපකරණ ලබාදීම.
