spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය කර්මාන්තකරුවන් සඳහා ප්‍රදර්ශන වෙළඳ කුටි අවස්ථා ලබා දීම.
  • මුල් පිටුව
  • /
  • දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය කර්මාන්තකරුවන් සඳහා ප්‍රදර්ශන වෙළඳ කුටි අවස්ථා ලබා දීම.

 

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය කර්මාන්තකරුවන් සඳහා ප්‍රදර්ශන වෙළඳ කුටි අවස්ථා ලබා දීම.

ගාලු සිරිදකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය කර්මාන්තකරුවන් සඳහා ප්‍රදර්ශන වෙළඳ කුටි අවස්ථා ලබා දීම.

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය තුල කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා ගාල්ල,මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුල සිටින කර්මාන්තකරුවන් වෙළඳ ප්‍රදර්ශන සඳහා යොමු කරනු ලැබේ. ගාලු සිරි Industries, Trade Exhibition and Fun Fair.

මෙම අවස්ථාව දකුණු පළාතේ ව්‍යාපාර සඳහා තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට, ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමඟ සම්බන්ධ වීමට සහ පුළුල් පාරිභෝගික පදනමක් කරා නිෂ්පාදන රැගෙන යාමට ප්‍රමුඛ වෙළඳ ප්‍රදර්ශනයක් වේ.

විස්තර:

  • දිනය අප්‍රේල් 03.04,05, සහ 06, 2026
  • ස්ථානය: සමනල ක්‍රීඩාංගනය,ගාල්ල.
  • ප්‍රතිලාභය: කුටි සඳහා ගාස්තු එක් කර්මාන්තකරුවෙකු සඳහා 50% දායකත්ව යටතේ ලබා දෙයි.

අයදුම් කිරීමේ ක්‍රියාවලිය: ඒ අනුව ඉහතින් සඳහන් කරනු ලබන අවස්ථා කර්මාන්තකරුවන් සඳහා ලබා ගැනීමට මෙහි සඳහන් අයදුම්පත සම්පූර්ණ කර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය යුතු වේ

සභාපති, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය, අංක 349/1/2 , මාතර පාර,කටුගොඩ, ගාල්ල.

අයදුම්පත් ලබා දීම සඳහා අවසන් දිනය: 2026.03.20 දින හෝ ඊට පෙර ලැබෙන පරිදි

For further inquiries, please contact Mr.Kushan 071-1785500.

සැලකිය යුතුයි:

පහත සඳහන් අයිතම අලෙවි කරන කුටි සඳහා ඉහත සඳහන් (50% කුටි ගාස්තු ලබාදීමේ) යෝජනා ක්‍රමය අදාළ නොවේ.

  • ප්‍රධාන ආහාර වේල් සහ පිසූ ආහාර ද්‍රව්‍ය (බත්, කොත්තු, නූඩ්ල්ස්, බාබකියු, හොට් ඩෝග් ආදිය)

  • අයිස්ක්‍රීම්

  • බෝතල් කළ ජලය සහ සිසිල් බීම (කොකාකෝලා, පෙප්සි, එලිෆන්ට් හවුස්, ආදිය)

  • සිගරට්

තෝරා ගැනීමේ ක්‍රියාවලිය:

සියලුම අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු සමාලෝචනය කර ඇගයීමට ලක් කෙරේ. ඇගයීම මත පදනම්ව, අදාළ කර්මාන්තවලින් අයදුම්කරුවන් තෝරාගෙන ඒ අනුව කුටි වෙන් කරනු ලැබේ.

අයදුම්පත බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න