spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

සාරාංශය

අප ගැන

දකුණු පළාතේ කාර්මික සංවර්ධනය

SPIDA පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ජාතික ආර්ථිකය දියුණු කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කෙරෙහි අවධාරණය කරමින් දකුණු පළාත තුළ කාර්මික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සහාය දීම, දිරිගැන්වීම සහ පහසුකම් සැලසීමයි. SPIDA යනු ජාතික වශයෙන් නවීන වෙළඳපල ඉල්ලීම් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා දකුණු පළාතේ කාර්මික මුලපිරීම් ආරම්භ කිරීමට සහ සංවර්ධනය කිරීමට හැකිවන පරිදි කුසලතා, තාක්‍ෂණය සහ මූල්‍ය සහ මාර්ගෝපදේශ සැපයීමේ වගකීම බෙදාහදා ගන්නා දකුණු පළාතේ ප්‍රධාන අධිකාරියකි.

SPIDA දැනට ක්‍රියාත්මක වන්නේ දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේය. SPIDA හි ප්‍රධාන කාර්යාලය දැනට අංක 349 1/2, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාවෙහි පිහිටා ඇත.

අපගේ දැක්ම

දකුණු පළාතේ කාර්මික සංවර්ධනයෙහි ලා සවිමත්, ප්‍රමුඛ, කේන්ද්‍රීය ආයතනය බවට පත්වීම.

අපගේ මෙහෙවර

දකුණු පළාතේ කර්මාන්ත අංශයෙහි කැපී පෙනෙන දායකත්වයක් ජාතික ආර්ථිකයට ලබා දීම සඳහා පළාතේ සම්පත් තිරසාර ලෙස යොදා ගැනීම පිණිස, අවශ්‍ය සම්පත් ළඟා කර දෙමින්, ක්ෂේත්‍රයේ කටයුතු කරන අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් දකුණු පළාතේ සුළු, මධ්‍ය පරිමාණ හා ගෘහ කර්මාන්තකරුවන් වෙත කාර්යක්ෂමව හා මහජන මිත්‍රශීලී ලෙස සර්ව සාධාරණ සේවාවක් තහවුරු කරමින් ප්‍රතිපත්ති සම්පාදනය, සවිබල ගැන්වීම, පහසුකම් සැලසීම, මෙහෙයුම්කරණය අපගේ මෙහෙවර වේ.

අප ගැන

සංවිධාන ව්‍යූහය

දකුණු පළාත් සභා නායකත්වය

එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා

දකුණු පළාත් ගරු ආණ්ඩුකාර

නීතිඥ සුමිත් අලහකෝන් මහතා

දකුණු පළාත් ප්‍රධාන ලේකම්

යූ.ජී. විදුර කාරියවසම් මහතා

ලේකම්, දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය