spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

රුහුණු නවෝත්පාදන හා නව නිපැයුම් සම්මාන උළෙල 2024
  • මුල් පිටුව
  • /
  • රුහුණු නවෝත්පාදන හා නව නිපැයුම් සම්මාන උළෙල 2024

රුහුණු නව්‍ය කරණ හා නව නිපැයුම් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන සම්මාන හා සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවය මාතර රුහුණු විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් උත්සව ශාලාවේදී 2024-12-17 දින පෙරවරුවේදී පැවැත්විනි.

මේ තුළින් දකුණු පළාතේ පාසල් ආසන්න වශයෙන් 125 ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, විවෘත අංශය, විශ්ව විද්‍යාල අංශය හා වාණිජමය අංශය නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් සම්මානයෙන් පිදුම් ලැබූහ.

දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවය දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය, රුහුණු විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු එක්ව සංවිධානය කෙරිණි.

දකුණු පළාත් නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම මුල් කරගෙන පාසැල් අංශය, විවෘත අංශය, විශ්ව විද්‍යාල අංශය, වශයෙන් නව නිපැයුම් ඉදිරිපත් කිරීම සිදු කල අතර එම නිර්මාණ ප්‍රදර්ශනයක්ද පසුගියදා පැවැත්විනි. එම තරඟාවලියෙන් ජයග්‍රහණය කළ අය මෙහිදී ඇගයීමට ලක් විය. මෙහිදී විශිෂ්ඨතම නව නිරිමාණ ශිල්පීන් තෝරාගැනීමක්ද සිදු විය.

වර්ග
නවතම යාවත්කාලීන
SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.